පාසල් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවය තිබුණ ද එය කුමර බඹසර කුමරි බඹසර කැඩීමට උගන්වන අධ්‍යාපනයක් නොවිය යුතු බව මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.උන්වහන්සේ මේ බව දේශනා කර සිටියේ පූජ්‍ය දරමිටිපොළ රතනසාර ස්වාමීන් වහන්සේ ගේ චරිතාපදාන කෘතිය එළිදැක්විමේ උත්සවයේ ප්‍රධාන දේශනයට එක් වෙමිනි.එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ මෙසේ ද පැවසූහ. ”පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඕනේ කියලා අපිත් පිළිගන්නවා.ඒත් ඒ පිළිගන්න වෙනස මේක නෙවෙයි. අද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් දරුවන්ට කියනවා කුමරි බඹසර කඩපල්ලා; කුමර බඹසර කඩපල්ලා.කියලා.ඒ අතරේ මහා නායක හාමුදුරුවෝ ගාවට ගිහින් කියනවා ලින්ක් එක දැම්මට අපි ඒකට යන්න කිව්වේ නෑ අපේ හාමුදුරුවනේ කියලා. මහා නායක හාමුදුරුවෝ ගොන් නෑ; ඇතැම් පාලකයෝ වගේ. මහා නායක හාමුදුරුවන්ට තුන් කල් දකින ඥානයක් තියෙනවා.උන්වහන්සේලා මේ විගඩම් දිහා බලන් ඉන්නවා. රටේ සංස්කෘතිය හෝදලා දාලා, රටේ සමාජයේ තියෙන බෞද්ධ උරුමය නැති කරලා ගොඩනඟන රට මොකක්ද?”