‘කුවේට් එයාවේස්’ යළි කොළඹ එයි

මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් මෙහෙයුම් නවතා තිබූ ‘කුවේට් එයාවේස්’ ගුවන් සේවය යළි කොළඹ දක්වා ගුවන්ගමන් ආරම්භ කරන බව සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අද (8) පස්වරුවේ නිවේදනය කොට ඇත.ඒ අනුව මේ වනවිට ඇති වී තිබෙන සාමකාමී වාතාවරණය සලකා බලමින් අප්‍රේල් 15 සිට ගුවන්ගමන් නිල වශයෙන් ආරම්භ කිරීමට එම සමාගම තීරණය කර ඇත. මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් ඉකුත් පෙබරවාරි 28 වනදා සිට ‘කුවේට් එයාවේස්’ සිය ‍මෙහෙයුම් කටයුතු තාවකාලිකව නතර තිබුණි.
ඉන් අනතුරුව මාර්තු 2වනදා සිට ගුවන්ගමන් නැවත ආරම්භ කිරීමට තීරණය කළද ඒ වනවිටද පැවැති අනාරක්‍ෂිත තත්ත්වය හේතුවෙන් ගුවන්ගමන් යළි අත්හිටුවීමට සිදු වී තිබේ..
කෙසේ නමුත් එම තත්ත්වය යටතේ මාර්තු 31වනදා මඟීන් 241ක් රැගත් විශේෂ ගුවන් යානයක් කුවේට් සිට කටුනායක වෙත පැමිණ තිබේ.

කාලීන පුවත්