ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ දී නීතිඥවරයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පොලිස් කොස්තාපල්වරයා අද (13) ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට තිබේ.එමෙන්ම මෙම සිදුවීම මුල් කරගනිමින්, ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක එච්.ටී.එම්. තුෂාර මහතා ද පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.කේ. වුට්ලර් මහතා තහවුරු කළේ, රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාර කොස්තාපල්වරයා මුදා හැරීමට අධිකරණය නියෝග කළ බවයි.
වාර්තා වන අන්දමට,ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ මෙම ස්ථාන මාරුවට පාදක වී ඇත්තේ නීතිඥවරයා සමග වූ සිද්ධියේදී අදාළ පොලිස් කොස්තාපල්වරයාව විධිමත් විමර්ශනයකින් තොරව අත්අඩංගුවට ගැනීමයි.මෙම සිදුවීම මුල් කොට ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ සති දෙකක් ඇතුළත විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට මීට පෙර දැනුම් දී තිබුණි.