පොහෝ දිනයන්වලදී ඇතැමුන් පෙහෙවස් සමාදන් වීම සඳහා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පසුකර යාපනයට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ සීලය නොව වෛරය බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස පිවිතුරු හෙළ උරුමය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)ට ඊයේ (19) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.ජනාධිපතිවරයා ජාතීන් අතර වෛරය සහ අසමඟිය ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා චේතනාන්විතව එම ප්‍රකාශය සිදු කර ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් පිවිතුරු හෙළ උරුම තරුණ සංවිධානයේ ලේකම් කුමාර රාජරත්න මහතා පවසයි.ඒ මහතා පෙන්වා දෙන්නේ රටේ ජීවත්වන විවිධ ජාතීන්ට ඕනෑම තැනකට ගොස් තම ආගම ඇදහීමේ අයිතිය තිබෙන බවත් ඒ සඳහා ජනාධිපතිවරයාගේ සහතිකයක් අවශ්‍ය නොවන බවකි.ජනාධිපතිවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශය සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර ධුර කාලය තුළ ඔහුට දඬුවම් ලබා දිය නොහැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ධුර කාලය අවසන් වූ වහාම ඒ සඳහා පියවර ගන්නා ලෙසත් තම පැමිණිල්ලෙන් ඉල්ලා සිටි බව කුමාර රාජරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.