ජවිපෙ ඉන්දියාව ගැන දැරූ පරණ මතය වෙනස් කර ගන්න කාලය ඇවිත්

ජනතා විමුක්ති පෙරමුණ මේ තාක් කලක් ඉන්දියාව සම්බන්ධයෙන් දැරූ පැරණි මතය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.ඔහු මේ බව පවසා ඇත්තේ, මෑතකදී ඉන්දියාවේ සිදුකළ සංචාරයෙන් අනතුරුව එරට ප්‍රමුඛතම පුවත්පතක් වන “ද හින්දු” සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාගේ ඉන්දීය සංචාරය පසුගිය පෙබරවාරි 5-12 දිනවල සිදු වූ අතරඅදාළ සම්මුඛ සාකච්ඡාව පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුකර ඇත.ඉන්දියාවේ සංවර්ධනය සහ තාක්ෂණික දියුණුව, හවුල්කාරිත්වය සඳහා ඇති ඉඩකඩ පිළිබඳව ද ටිල්වින් සිල්වා මහතා මෙම සම්මුඛ සාකච්ඡාවේදී අතිශය සාධනීය ලෙස අදහස් පළකර තිබේ.ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයේ මූලික ඉගැන්වීමක් වන ඉන්දියානු ව්‍යාප්තවාදය යන සංකල්පය නිශේධ වන බව දේශපාලන විචාරක මතයයි.

කාලීන පුවත්