ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කීර්ති වර්ණකුලසූරිය සමු ගනී

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ‘දිවයින’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ දීර්ඝ කාලයක් සේවය කළ ඔහු, විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා ලෙස මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර ඇත.’ජනදින’ පුවත්පතෙන් සිය පුවත්පත් කලා දිවිය ආරම්භ කොට ඇති ඒ මහතා පසුව ‘දිවයින’ පුවත්පතට සම්බන්ධ වී එහි කර්තෘ මණ්ඩලයේ විවිධ තනතුරු දරමින් දීර්ඝ කාලයක් සේවය කර ඇත.කීර්ති වර්ණකුලසූරිය මහතා, සතිපතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට සම්පාදනය කළ ආරක්ෂක ලිපි පෙළ කියවන්නන් අතර ජනප්‍රිය විය.වර්ණකුලසූරිය මහතාගේ බිරිඳ වූ දිස්නා මහත්මිය ද කලකට පෙර අභාවප්‍රාප්ත වූවාය.විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු තම සොහොයුරු අජිත් වර්ණකුලසූරියගේ රාගම පිහිටි නිවසේ වාසය කරමින් සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී ඇත.ඒ මහතාගේ අවසන් ඉල්ලීම පරිදි ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉතා චාම් අයුරින් සිදුකර ඇති බව වාර්තා වේ.

කාලීන පුවත්