පසුගිය ජනවාරි 17 වන දා සියයට විස්සකින් පහත හෙළන ලද විදුලි ගාස්තු සියයට දහ අටකින් පමණ ඉහළ ඉහළ නැංවීමේ යෝජනා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මේ වන විට මහජන උපයෝගීතා කොමිෂමට යොමුකර තිබේ.මේ වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා වූ කාලසීමාවට අදාළව මෙම විදුලි ගාස්තු වැඩිකිරීමට යෝජනා කර තිබේ. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ආවරණය වන විදුලි මිල ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා ය. එසේ නොවුණහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය ලබා ගැනීම ගැටලුවක් වන බව ද පැවසෙයි.කෙසේ වෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම මෙතෙක් සිය අනුමැතිය ලබා දී නොමැත.කෙසේ වෙතත් පිරිවැය පියවාගැනීම සදහා මේ වසරේ ජුනි සිට විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය අවධාරණය කරයි.