අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා ලබා දෙන ‘ග්‍රීන් කාඩ්’ වැඩසටහන අත්හිටුවා තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් ජනපදයේ බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ මෑතකදී සිදු වූ වෙඩි තැබීම පදනම් ව මෙම තීරණය ගෙන ඇත. එම වෙඩි තැබීමෙන් සිසුන් දෙදෙනෙකු මරණයට පත් වූ අතර, නව දෙනෙකුට තුවාල සිදුවිය.ඒ අනුව ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් එරට බලධාරීන්ට නියෝග කර ඇත්තේ, එක්සත් ජනපද පුරවැසිභාවය ලබාදෙන මෙම ආගමන සේවා වැඩසටහන නවතා දමන ලෙස ය.මෙම වැඩසටහන මගින් ලොව පුරා පුද්ගලයින් 50,000කට සෑම වසරකම නිත්‍යානුකූල ලෙස අමෙරිකාවට ඇතුළු විය හැකිය.ඒ අනුව මෙම වසරේ ද ‘ග්‍රීන් කාඩ්’ සඳහා මිලියන 20කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.