බෙංගාල බොක්කෙහි ඇති වූ ඩිට්වා සුළි කුණාටුව මේ වන විට දුර්වල වී ඇතත් ඊයේ(30) සිට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි වෙරළබඩ දිස්ත්‍රික්ක සඳහා දැඩි අනතුරු ඇඟවීම් සිදු කොට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ගුන්තූර්, බාපට්ලා, ප්‍රකාශසම් සහ තිරුපති ඇතුළු විවිධ දිස්ත්‍රික්කවල හදිසි පාලන මැදිරි සක්‍රීය කිරීමට, වෙරළ ප්‍රවේශය සීමා කිරීමට සහ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල වේගවත් ප්‍රතිචාර කණ්ඩායම් යෙදවීමට පොලිසිය කටයුතු කොට ඇත. පහත් බිම්වල සහ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ඉල්ලා ඇත. මේ වන විට ඩිට්වා සුළි කුණාටුව දුර්වල වුව ද සඳුදා ( අද) වැසි ක්‍රියාකාරකම් දිගටම පැවතිය හැකි බැවින්. බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් සඳහා පළාත් පාලන ආයතනය නිවාඩු ප්‍රකාශයට පත් කොට තිබේ.ආන්ද්‍රා ප්‍රදේශ්හි රායල සීමාවේ සමහර ප්‍රදේශවල මෙන්ම ආන්ද්‍ර ප්‍රදේශ්හි දකුණු වෙරළබඩ දිස්ත්‍රික්කවල සඳුදා උදෑසන වර්ෂාපතනය තීව්‍ර වනු ඇතැයි අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) අනාවැකි පළ කොට තිබේ. මෙම දිස්ත්‍රික්ක දෙකෙහි සමහර ප්‍රදේශවලට අතිශයින් අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බවට IMD අනාවැකි පළ කළ බැවින්, මෙම කාලය තුළ නෙල්ලූර් සහ ප්‍රකාශසම් දිස්ත්‍රික්ක සඳහා රතු අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කරන ලදී. රායල සීමාවේ සහ ඉරිදා රාත්‍රියේ සහ සඳුදා දිනවල තද සුළං සමඟ අධික වර්ෂාවක් ඇති කළ හැකි දකුණු වෙරළබඩ ආන්ද්‍ර ප්‍රදේශ්හි ගොවීන්ට යම් බෝග හානියක් සිදුවිය හැකි බට ද IMD අනතුරු අඟවා තිබේ. පැයට කිලෝමීටර් 45-55 දක්වා තද සුළං වේගයක් සහ පැයට කිලෝමීටර 65 දක්වා ඉහළ යා හැකි අතර එය අඩුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට අනාවැකි පළ කරයි.