ඊශ්‍රායලය සහ පලස්තීනය යුද්ධය අවසන් කිරීම පිළිබඳ ලෝක නායකයින්ගේ සමුළුවක් සඳහා ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද මැදපෙරදිගට පිටත්ව යාමට නියමිතව තිබේ.ඒ ඊශ්‍රායලය සහ පලස්තීනය යුද්ධය අවසන් කිරීම පිළිබඳ ලෝක නායකයින්ගේ සමුළුවක් සඳහා ය.ජනාධිපතිවරයා මැදපෙරදිගට යාමට පෙර ඊශ්‍රායලය වෙත පිටත්ව යන ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී ඊශ්‍රායල පාර්ලිමේන්තුවද ඇමතීමට නියමිත බව ද වාර්තා වේ.ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ඊශ්‍රායලය සහ ගසා තිරය අතර සටන් විරාමය පවතිනු ඇති බවත් ගාසා තීරය අධීක්ෂණය සඳහා හැකි ඉක්මනින් සාම මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බවයි.ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානයට ලබා දී ඇති අවසාන දිනය අදින් අවසන් වන අතර ඊශ්‍රායලයේ සහ ගසා තිරයේ ප්‍රාණ ඇපකරුවන්ද අද නිදහස් කිරීමට නියමිත තිබේ.