පසුගිය ජූනි 23 දිනෙන් පසු පළමු වරට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු.340 මට්ටමින් පහළට ඊයේ(06) දින පැමිණ තිබේ.ශ්රී ලංකා මහ බැංකුවට අනුව ඊයේ (06) දිනයේ දී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු.339.88 ක් දක්වා අඩු විය.
ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ (06) රු.330.39ක් දක්වා අඩු වී ඇත.මේ අතර ශ්රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 ජූලි 03 දිනෙන් අවසන් වූ මේ වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.7කින් පිරිහී ඇති බවයි.
පසුගිය 2026 ජූනි මාසය පුරාවට ශ්රී ලංකා රුපියල වෙත එල්ල වෙමින් තිබුණු විනිමය පීඩනය මේ වන විට ක්රමිකව ලිහිල් වන ස්වභාවයක් දක්නට ලැබේ.