ත්‍රි`මලේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කළේ ඊට හානි සිදු විය හැකි නිසයි

ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථ භූමියේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගන්නා ලද්දේ එම බුද්ධ ප්‍රතිමා වහන්සේට හානියක් සිදුකරන බවට ලද යම් තොරතුරක් අනුව බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද ( 17)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය. එම විහාරස්ථ භූමියේ තැන්පත් කෙරුණු බුද්ධ ප්‍රතිමාව ඉවත්කිරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කටයුතු කර ඇති අතර එහි දී මෙසේ හිමිවරුන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට විරෝධතා එල්ල වී තිබේ.ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය 1951 වසරේදී අරඹන ලද හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බෞද්ධ විහාරස්ථානයකි.එහි පවත්වාගෙන ගිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන දහම් පාසල සුනාමි ව්‍යසනයෙන් විනාශයට පත්ව තිබු අතර යළි එහි කටයුතු ආරම්භ කිරීමට විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංසතිස්ස හිමියන් සහ දායක පිරිස් කටයුතු කොට තිබුණි.

කාලීන පුවත්