දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තැබූ “මාලිමා”බස් ගැන පොලීසිය සොයයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නවතා තැබූ “මාලිමා”බස් ගැන පොලීසිය සොයයි මෙවර ජාතික ජන බලවේගයේ මැයි දින රැළියට සහභාගි වීමට පැමිණි බව කියන, ආධාරකරුවන් රැගත් බස්රථ දක්ෂිණ අධිවේගි මාර්ගයේ නතර කොට ඒවායින් පිවිසි පිරිස් අධිවේගී මාර්ගයට පිවිසීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.ඊයේ ( 1) දහවල් කාලයේ බස් රථ සහ වෙනත් වාහන දක්ෂිණ අධිවේගී මාර්ගයේ නතර කොට එහි පැමිණි පිරිස් ආහාරපාන ලබා ගනිමින් ගැවසෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.මෙම බස්රථ නවතා නොතබන ලෙසට අධිවේගී මාර්ගයේ රථවාහන පොලිසිය ඔවුන්ට දැනුම් දුන්න ද එය ප්‍රතික්ෂේප කරමින් බස්රථ අධිවේගී මාර්ගයේ නවතා තිබූ බව පැවසෙයි.මෙහිදී පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකර බවට ද චෝදනාවක් එල්ල වන අතර මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව මේ වන විට විමර්ශනයක් ආරම්භ වී ඇති බවයි.

කාලීන පුවත්