මෙවර වෙසක් පොහොය වෙනුවෙන් දන්සල් අටදහසකට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර ඒ සෑම දන්සලකම ආහාර පාන සැකසීම විමර්ශනය කිරීම පිණිස එම සියලු දන්සල් පරීක්ෂා කිරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.එසේම දන්සල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් පොදු උපදෙස් මාලාවක් කල් ඇතිවම නිකුත් කර ඇත.ආහාර සහ ජලය මගින් බෝවන රෝග පැතිර යාමේ සම්බන්ධයෙන් අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස දන්සල් සංවිධායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කොට තිබේ.මේ අතර ප්‍රධාන නගර වල විශාල පරිමාණයෙන් පැවැත්වෙන දන්සල් වල ආහාර පාන සකස් කිරීම සඳහා වෘත්තීය සූපවේදීන් ගේ සහාය ලබා ගන්නා බවට ද තොරතුරු වාර්තා වෙයි.