දේවධර්මාචාර්ය වරයකු මෙන්ම බෞද්ධ දර්ශනය පිළිබඳ විශාරදයකු හා කිතු දහමේ දාර්ශනික පදනම ඔප් නංවන විද්වතකු ලෙස ද අන්තර් ජාතික කීර්තියට පත්, ජේසුනිකායික ඇලෝසියස් පීරිස් පියතුමා ස්වර්ගස්ථ විය.උන්වහන්සේගේ දේහය අද( 24 ) උදේ 10:30දක්වා කැලණිය, පොල්හේන පාරේ අංක 715 හි පිහිටි දහම් සිසිල දෙව්සත්හලෙහි තැන්පත් කෙරෙනු ලැබේ. ඉන් පසුව උදේ 10:30 ට පවත්වනු ලබන අවසන් දිව්‍ය පූජාවෙන් අනතුරුව දේහය කැලණිය ගෝනවල පිහිටි තුලන පර්යේෂණ මධ්‍යස්ථානයට රැගෙන එනු ලැබේ. අනතුරුව අවසන් කටයුතු අද පස්වරු 3:00ට කැලණිය, ගෝනවල තුලන පර්යේෂණ මධ්‍යස්ථානයේදී සිදු කිරීමට නියමිත ය.