දෙහි මිල ඉහළට

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහි අස්වැන්න හිඟවීම නිසා තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක තොග මිල රුපියල් එක්දහස් පන්සියය දක්වා ඉහළ ගොස් තිබේ.

එහි වෙළෙඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ආර්ථික මධ්‍යස්ථානයට ඉතා අඩුවෙන් ලැබෙන දෙහි අස්වැන්න කෙටි කාලයක් තුළ මෙලෙස ඉහළ මිලකට අලෙවි වන බවයි.

මෙම තත්ත්වය හේතුවෙන් විවෘත වෙළෙඳපොළේ දෙහි හිඟයක් මතුව ඇති අතර, දෙහි කිලෝවක මිල රුපියල් දෙදහසට ආසන්නව පවතින බව පාරිභෝගිකයෝ පවසති.

කාලීන පුවත්