නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් නොවේ

නත්තල මුදල් හම්බ කිරීමේ උත්සවයක් නොවේ
වත්මන් වෙළෙඳ ආර්ථිකය විසින් නත්තල් උත්සවය මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් බවට පත්කර ඇති බවත් එය එසේ නොවන බව සියලුදෙනා පැහැදිලිවම තේරුම්ගත යුතු බවත් කොළඹ අගරද ගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානෝ පැවසුහ.උස්වැටකෙයියාව ශාන්ත මරියා දෙව් මැදුරේ පැවැති මෙවර ප්‍රධාන දේව මෙහෙයේ දී උන් වහන්සේ මෙසේ ද කියා සිටියහ.
“නත්තල කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වැරදි විදියට මේ වෙළෙඳ ආර්ථිකය නත්තල කියන එක අපි හදලා තියෙන්නේ මුදල් හම්බ කිරීමේ තවත් එක් උත්සවයක් විදියට පමණයි. නත්තල වෙළෙඳ උත්සවයක් නොවන බව අපි පැහැදිලිවම තේරුම්ගත යුතුයි……. නත්තලට වැදගත් වන්නේ නත්තල් ගසවත්, ගව ලෙනවත්, නත්තල් සීයාවත් නොවෙයි. වැදගත් වන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොකක්ද අපිට පෙන්නලා දුන්නේ මොන මාර්ගයේද යන්න කියලා දුන්නේ අන්න ඒ මාර්ගයේ ගමන් කිරීමයි.”

කාලීන පුවත්