ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබේ.මෙම හමුව ඊයේ (15) සිදුව ඇත්තේ කොළඹ ඉන්දියා හවුස් හිදී ය.එම හමුවීමෙන් අනතුරුව, ඉන්දීය මහ කොමසාරිස්වරයා තම එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්රකාශ කර ඇත්තේ දෙරටෙහි වත්මන් තත්ත්වයන් සහ පුළුල් පරාසයක පවතින ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය පිළිබඳව සාකච්ඡා කළ බවයි.