නීතිඥ වරයා සහ බිරිඳ ඝාතනය වීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ

පසුගිය 13 වන දා අකුරේගොඩදී වෙඩි ප්‍රහාරයක් එල්ල වී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය වූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයක් නොවන බවත් මෙය හුදකලා සිදුවීමක් බවත් ඉන් ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොමැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.එමෙන්ම එම ප්‍රහාරයෙන් මියගිය නීතිඥවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ පවුලේ ඥාතීන් වෙත ශෝකය පලකරන බව ද අමාත්‍ය ආනන්ද විජේපාල මහතා .පවසයි.අද (17) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මෙම සිදුවීම හේතුකොට ගෙන ජාතික ආරක්ෂාවට බලපෑම් එල්ල වී ඇති බවට හුවා දැක්වීමට උත්සාහ ගන්නා බව ය.
මෙම ඝාතනය කිසිවිටෙකත් නීතියේ ආධිපත්‍යයට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකිය යුතු කාරණයක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

කාලීන පුවත්