.
මේ දිනවල පකිස්ථානයට බලපා ඇති අධික මෝසම් වර්ෂාව නිසා හටගත් ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පසුගිය සතිය වනවිට රටපුරා මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා තිබේ.පාකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය බදාදා ප්‍රකාශ කර සිටියේ, උතුරේ ගිල්ගිට්-බෝල්ටිස්තානයේ පුද්ගලයින් 11 දෙනෙකු මියගිය අතර, අධික වර්ෂාවෙන් විදුලි සැර වැදී නිවාස කඩා වැටීම් හේතුවෙන් පාකිස්තානයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය වන කරච්චි හි තවත් 10 දෙනෙකු මියගිය බවයි.සින්ද් හි ප්‍රධාන කාලගුණ විද්‍යාඥ අමීර් හයිඩර් ලගාරි, නාගරික ප්‍රදේශවල ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් යටිතල පහසුකම් සඳහා දැඩි බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.වැසි සහ ජල ගැලීම් හේතුවෙන් දිස්ත්‍රික්ක දෙකක නිවාස 40ත් 50ත් අතර ප්‍රමාණයකට හානි සිදුව ඇති බව පළාත් නිලධාරීහු වාර්තා කරති.මෙම තත්වය උග්‍ර වීම පිණිස නොමනා මානව ක්‍රියාකාරකම් බලපා ඇති අතර රට පුරා ගංගාධාර ප්‍රදේශ වල සහ ජලාපවහන පද්ධතිවල අවහිර වන සුන්බුන් ඉවත් කිරීම සඳහා කැණීම් යන්ත්‍ර යොදවා තිබේ.