ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි රඟ මඬලින් සමු ගනී

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.මිය යන විට ඒ මහතා 56 වන වියේ පසු වු ඒ මහතා දෙදරු පියෙකි. ඔහු ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු ලෙස මෙරට ප්‍රකට වූ අතර ඊට පෙර වේදිකා නාට්‍ය ගණනාවක ප්‍රබල චරිතයක් විය. ප්‍රවීණ නාට්‍යවේදී හෙන්රි ජයසේනයන්ගේ හුණුවටයේ කතාව වේදිකා නාට්‍යයේ අසඩක් නම් සුප්‍රකට චරිතය පසු කලෙක රඟපෑවේ නලින් ප්‍රදීප් උඩවෙලය. හෙන්රි ජයසේන මහතා මුලින් රඟපෑ අසඩක් චරිතය පසුව නලින් ප්‍රදීප් උඩවෙලට හිමි වීම ඔහු ලත් සුවිශේෂ භාග්‍යයකි.හුණුවටයේ කතාවට අමතරව ‘ජූරිය’, ‘කැලණි පාලම’, ‘මෝදර මෝල’ සහ ‘මී හරක්’ ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු ‘අකුරු මැකී නෑ’, ‘අපර්ණා’, ‘බට්ටි’, ‘ඇත් කඳ ලිහිණි’, ‘ඉසුරු පවුර’, ‘කසී සලු’, ‘මොනරවිල’, ‘නිසලවිල’, ‘සුදු හාමිනේ’ සහ ‘සුවඳ පද්ම’ ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවකට ද නලීන් ප්‍රදීප් උඩුවෙල රංගනවේදියාණන් රංගනයෙන් දායක වී තිබේ. එමෙන් ම ‘නිසල විල’, ‘තාරකා මල්’ සහ ‘ආසයි මං පියාඹන්න’ යන නිර්මාණවලදී දැක්වූ දක්ෂතා වෙනුවෙන් සම්මානයට පාත්‍ර වී ඇත.

කාලීන පුවත්