මීළඟ පොලිස්පති වරයා ලෙස වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කළ නිර්දේශය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමට තීරණය වී ඇත.ඒ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ දී ය.ඒ අනුව, එම සභාව නැවත වතාවක් ලබන 12 වන දින රැස්වීමට නියමිත ය.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේදී නෙරපා හැරීමේ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා විසින් ඒ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලදී.ඉහත පුරපාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමු කර ඇත්තේ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම පමණක් බව ද වාර්තා වේ.