පාසල් කාලය පැය භාගයකින් දිගු කිරීමේ සැලැස්මක්

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සඳහා වන ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් පාසල් කාලය තවත් විනාඩි 30 කින් පමණ දීර්ඝ කිරීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පවසයි.මුල් අවස්ථාවේ පාසල් පැවැත්වීමේ කාලය පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙනස් කිරීමට යෝජනා වී තිබූ බවත්, එමගින් ප්‍රවාහන වැනි කටයුතු වල දී බරපතල අර්බුද ඇතිවිය හැකි බැවින් පාසල් වේලාව පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව ඇය පවසයි.එමෙන්ම පාසල් කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමට කිරීමට සාපේක්ෂව රටේ වෙනත් ක්ෂේත්‍ර තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු සේවාවන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඇය පවසයි.අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මෙම අදහස් පළ කර ඇත්තේ රූපවාහිනී නාලිකාවක් සමඟ කළ සාකච්ඡාවක දී
ය.

කාලීන පුවත්