පැය හයකට වඩා කල් ගත වන දුර ධාවන බස් සේවා වල වෙනසක්

දුර ගමන් සේවා බස් රථ ධාවනයේදී මගීන් ගේ ජීවිත සහ දේපල ආරක්ෂාව උදෙසා ක්‍රමවේද කිහිපයක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර ඇති බව එහි සභාපති ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා සඳහන් කරයි.සභාපති වරයා සඳහන් කළේ පැය 06කට වඩා වැඩි ධාවන කාලයක් සහිත දුරගමන් සේවා ගමන් වාර සඳහා ඩිපෝ දෙකක් සම්බන්ධ කර ගනිමින් බස් රථ දෙකක් යෙදවීමට සැලසුම් කර ඇති බවයි.එහෙත් ඒ සම්බන්ධයෙන් මගී පාර්ශවයන් පෙන්වා දෙනුයේ එම තීරණය අනුව කටයුතු කිරීමෙන් දුර බැහැර ගමන් කරන මඟීන්ට විවිධ අපහසුතා පැන නැඟිය හැකි බැවින් එම බස් රථ සඳහා මාරුවෙන් මාරුවට රියැදුරු හා කොන්දොස්තර ලෙස කටයුතු කළ හැකි පුහුණු සේවකයන් දෙදෙනකු සමඟ ඉතා යහපත් යාන්ත්‍රික තත්වයෙන් යුතු බස් රථ යෙදවීම වඩාත් ඵලදායක බවකි.

කාලීන පුවත්