පුණ්‍යා කත්‍රිආරච්චි සමු ගනියි

ජ්‍යෙෂ්ට ගුවන් විදුලි වැඩ සටහන් නිෂ්පාදිකාවක,නිවේදිකාවක සේම ජනප්‍රිය ගායිකාවක ද වන පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද( 01) හදිසියේ අභාවප්‍රාප්ත වූවා ය.පසුගිය දශක කිහිපය තුළ ඇය විසින් ගායනා කරන ලද “දෑස වසා ගමි” “දෙනුවර මින් පසු”( සෝමතිලක ජයමහ සමඟ )” බකිනි ගහේ බකිනි මලෙන්” (එඩ්වඩ් ජයකොඩි සමඟ )” මට මතකයි ඔබ පිපිලා උන්නා”( හෙක්ටර් ද සිල්වා සමඟ ) ඇතුළු ගීත රැසක් එදා මෙදා තුර ශ්‍රාවකයන් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.පුණ්‍යා කත්‍රිආරච්චි මහත්මිය මිය යන විට හැත්තෑ නව වන වියේ පසු වූවා ය.දේහය මේ වන විට පිළියන්දල බොරලැස්ගමුව මල් ශාලාවේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට හෙට පස්වරු හයට තුම්බෝවිල පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ.

කාලීන පුවත්