බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මරණ දඬුවම

පසුගිය වසරේ බංග්ලාදේශයේ පැවැති රාජ්‍ය විරෝධී අරගල සාහසික අයුරින් මර්දනය කිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් මගින් මරණ දඬුවම නියම කර තිබේ. මනුෂ්‍යත්වයට එරෙහි විවිධ අපරාධ සම්බන්ධයෙන් වරදකරු වූ හසීනාට එරෙහි මෙම නඩු විභාගය පැවැත්වුණේ ඇයගේ සහභාගීත්වයෙන් තොරව ඒක පාර්ශවීය ලෙසිනි. ෂෙයික් හසීනා දැනට බංග්ලාදේශයෙන් පිටුවහල්වී ඉන්දියාවේ රැකවරණය ලබන අතර ඇ‍ය ඇය අඩංගුවට ගැනීමත් සමඟ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව එරට නීතිපති වරයා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.නමුත් එම අධිකරණ තීන්දුවට එරෙහිව බංග්ලාදේශයේ ඩකා නුවර උද්ඝෙඔෂණ පැවැත්වෙන අතර එම අරගල කරුවන් පළවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල වන බව විදෙස් මාධ්‍ය පවසයි.

කාලීන පුවත්