බන්ධනාගාර කොමසාරිස් ජනරාල් 25 තෙක් රිමාන්ඩ්

මේ වන විට වැඩ තහනමට ලක් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ජුනි 25 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.ජනාධිපති සමාව යටතේ අපරාධ වැරදිකරුවෙකු නිදහස් කිරීමට අදාලව සිදු කරන පරීක්‍ෂණ මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු දරමින් වසර වසර විසි හතරක සේවාකාලයක් සම්පූර්ණ කොට ඇති තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තනතුරට පත්වී මේ වන විට වසර පහකි.සිය සේවා කාලය තුළ ඔහු අදූෂිත නිලධාරියකු ලෙස දෙපාර්තමේන්තුව තුළ ප්‍රකට ව සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්