මගී බස් රථ ඇතුළු සෙසු වාහනවල සවිකර තිබෙන අමතර උපාංග ජූලි 01 වැනිදා සිට ගලවා ඉවත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.ඒ අනුව කුමන බාධක පැමිණියද මෙවර වාහනවල සවිකර ඇති අමතර උපාංග සියල්ල ගලවා ඉවත් කරන බව රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය.පසුගිය වසරේ මේ සම්බන්ධව කටයුතු කරන විට ඊට දැඩි විරෝධයක් මතු වූ බව සිහිපත් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙවර කුමන හේතුවක් නිසාවත් එම වැඩපිළිවෙළ නතර නොකරන බව අවධාරණය කළේය.ඒ අනුව වාහනවල සවිකර ඇති ඉෂ්ඨ රූප, බල්බ් වැල්, මල්වැල්, අධික ශබ්ද සහිත නලා, යකඩ පට්ටම්, ආදී සියලූම අමතර උපාංග කොටස් ඉවත් කරන බව ඒ මහතා පැවසීය.