පූජ්‍ය පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රමුඛත්වයෙන් යුත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 19 නමකගේ සාම පා ගමන ඉකුත් 10 වන දා ඇමරිකාවේ වොෂින්ටන් ඩී.සී වේලාවෙන් ප.ව 1.00-2.30 සමාප්ත විය.ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ෆෝර්ට් වර්ත් නගරයෙන් ආරම්භ වූ මෙම පා ගමන, දින 108ක් පුරා ඇමෙරිකානු ප්‍රාන්ත කිහිපයක් පසු කරමින් සැතපුම් 2,300ක දුරක් ගෙවා නිම කර ඇත. ගමන් මාර්ගය පුරා හමුවූ විවිධ ප්‍රජාවන් විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා පූජාවන්, දානමය පින්කම් සහ සර්ව ආගමික හමුවීම් සංවිධානය කරමින් ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබුණි. “ආලෝකා” නම් ඉන්දියානු සුනඛයා ද එක් වූ මෙම චාරිකාවේ ප්‍රධාන අරමුණ ප්‍රධාන අරමුණ වූයේ ලෝකය පුරා කරුණාව, අවිහිංසාව, එක්සත්භාවය සහ සතිමත් බවින් යුතු යුත් ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමයි.ඒ අනුව ලෝක සාමය උදෙසා විශිෂ්ඨතම ප්‍රායෝගික කැප වීම කළ සත්වයා වශයෙන් ආලෝකා ගේ නම ද ලෝක ඉතිහාසයට එක් වනු ඇත.මෙම සාම පා ගමන මඟින් භික්ෂූන් වහන්සේලා ලෝක සාමය සම්බන්ධ ප්‍රඥාව බෙදා දුන් අතර, ආලෝකා ඊට ආදරය සහ සහයෝගය ලබා දුන් බව ඒ සම්බන්ධ විශ්ලේෂකයන් ගේ පොදු අදහස වී තිබේ.