මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායනික කන්ටේනර් නිදහස් වුණු හැටි හොයනවා මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් ව ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රැගත් කන්ටේනර් කොළඹ වරායේදී නිදහස් කිරීමට හේතු වූයේ මුල් පරීක්ෂණවල තාක්ෂණික දෝෂයක්ද?නැතහොත් වෙනත් හේතුවක්ද?යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණ පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා හෙළි කරයි.එමෙන්ම මිද්දෙනියේදී වළදමා තිබියදී සොයාගත් රසායන ද්‍රව්‍ය අඩංගු වූ මෙම කන්ටේනර් පෙට්ටි දෙක පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කොළඹ වරායට පැමිණ තිබූ බව අමාත්‍යවරයා පැවසීය.ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, දෙවන අවස්ථාවේ සිදු කරන ලද පරීක්‍ෂණවලදී පමණක් ඒවායේ මත්ද්‍රව්‍ය නිෂ්පාදන ද්‍රව්‍ය අන්තර්ගත බව හෙළි වූ බවයි.ඒ අනුව, මෙම තීරණාත්මක පරීක්ෂණ අසාර්ථක වීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට කටයුතු කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.මේ සම්බන්ධයෙන් තොරතුරු ඇමරිකානු මත්ද්‍රව්‍ය සම්බන්ධ ආයතනයකින් මෙරටට ලබා දී තිබූ අතර, මුල් අවස්ථාවේ සිදු කරන ලද පරීක්ෂණවලදී මත්ද්‍රව්‍ය අන්තර්ගතයක් අනාවරණය නොවීම නිසා රේගුව විසින් ජනවාරි මාසයේදී බහලුම් දෙක නිදහස් කර ඇත.