හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් විසින් සිය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගනිමින් තිබිය දී රජයට භාර දුන් වාහන යළි ලබා දෙන ලෙස සිදු කොට ඇති ඉල්ලීම් මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මේ වන විට සමලෝචනය කරමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.කෙසේ වෙතත් මීට පෙර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් අමාත්‍ය විජේපාල මහතා පවසා සිටියේ වාහන ඉවත් කිරීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යම් බලපෑමක් හෝ අවදානමක් එල්ල වන්නේ නම්, එම වාහන යළි ලබා දීමට හැකියාවක් පවතින අතර ඔවුනට ආර්ක්ෂාව සැපයීම රජයේ යුතුකමක් ද වන බවයි.එසේම හිටපු ජනාධිපතිවරුන් ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධව අදාළ නොවන බවද ඇමති වරයා එහි දී කීය