මහින්දට සුපිරි කොළඹින් සුපිරි නිවාස දෙකක් ?

පසුගිය කාලයේ පදිංචිව සිටි 07, විජේරාම මාවතේ පිහිටි නිල නිවස පාර්ලිමේන්තු පනතක් මඟින් අහිමි කිරීම නිසා එම නිල නිවස රජයට භාරදී මේ වන විට තංගල්ලේ පිහිටි තම කාල්ටන් නිවසේ පදිංචියට ගොස් සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් අගනුවර පදිංචි වීම සඳහා සුපිරි නිවාස දෙකක් ලබාදීමට මේ වන විටත් ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු ඊයේ(11) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ තමන්ට අයත් රාජගිරිය, නාවල ප්‍රදේශයේ පිහිටි සුපිරි නිවසක් ඒ මහතාගේ පදිංචිය සඳහා ඒ මොහොතේම වුව ලබාදීමට හැකි බවයි.එමෙන්ම ඊයේ පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතාව හමුවූ තවත් ව්‍යාපාරිකයකු, බත්තරමුල්ලේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට නුදුරින් ජයන්ති මාවතෙන් සුපිරි නිවසක් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මිලට ගෙන දීමට පොරොන්දු වී ඇති බවත් වාර්තා වෙයි.ඒ කෙසේ හෝ වත්මන් ආණ්ඩුව පසුගිය කාලය පුරා මහින්ද රාජපක්ෂ මහතා වෙත එල්ල කළ වංචා දූෂණ පිළිබඳ බරපතල චෝදනා සියල්ල අසත්‍ය හා අපහාසාත්මක ඒවා බව වේගයෙන් තහවුරු වෙමින් පවතින පසුබිමක සිදු කළ මෙම ක්‍රියාව මුල් කොට රට බේරා ගත් නායකයා ලෙස හඳුන්වමින් මහින්ද රාජපක්ෂ මහතා වටා සුවිසල් ජන බලයක් ඒකරාශී වන බව ඊයේ තංගල්ලේ කාල්ටන් නිවසේ දී ශ්‍රී ලංකා පොදු පෙරමුණු ප්‍රබලයකු මාධ්‍යයට ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්