මිලන් ප්‍රියදර්ශන පියතුමා පොලිස් පහර කෑමකින් රෝහලේ

කොළඹ කතෝලික පදවියේ සහය වතු පරිපාලක මිලන් ප්‍රියදර්ශන පියතුමා පොලිස් පහරදිමක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති පුවතක් meepura news වෙබ් අඩවිය වාර්තා කරයි.එම පුවතට අනුව මිලන් ප්‍රියදර්ශන පියතුමාට ඊයේ ( 24) රාත්‍රී 7.00 ට පමණ ගම්පහ පොලිස් වසමට අයත් කිරිඳිවිට ප්‍රදේශයේ දි ,පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහරදී ඇති බව වාර්තාවේ.ඊයේ සවස දිප්පිටිගොඩ දේවස්ථානයේ දිව්‍ය පූජාව අවසන් කර නැවත පැමිණෙමින් සිටින අතරතුරේදී පොලිස් යතුරු පැදි කරුවන් විසින් පියතුමන්ගේ යතුරු පැදිය නතර කොට ඒ වනවිටත් පූජක පූජක ලෝගුවෙන් සැරසී සිටි පියතුමාට පහර දි ඇතැයි එම වාර්තාවේ සඳහන් ය.මේ වන මිලන් ප්‍රියදර්ශන පියතුමා මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි ද වාර්තා වේ.

කාලීන පුවත්