මෙම වසර තුළදීම වතු කම්කරු ප්‍රජාවේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 12) පෙරවරුවේ බණ්ඩාරවෙලදී පැවැති කඳුකර මලයගම් ප්‍රජාවේ ප්‍රතිලාභීන් 2,000ක් සඳහා නිවාසලාභී හිමිකම් පත් ප්‍රදානයේ කිරීමේ උත්සවයට එක්වෙමිනි.ඉන්දීය ආධාර යටතේ ක්‍රියාත්මක නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිව්වැනි අදියර යටතේ කඳුකර මලයගම් ප්‍රජාවට මෙම හිමිකම්පත් ප්‍රදානය කෙරිණි. එහිදී ප්‍රතිලාභීන් 2,000 දෙනා සංකේතවත් කරමින් හිමිපත් ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු විය.