හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අද (10) යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත.ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා වන රනිල් වික්රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල ව්‍යුහය සැකසුණු ආකාරය ගැන අදහස් දැක්වීමට නියමිත බව හිටපු ජනපති දේශපාලන කාර්යාලය සඳහන් කරයි.