ශ්රී ලංකාව තුළ ත්රිරෝද රථ පැදවීමට කැමති විදේශිකයන් සඳහා වන ක්රියා පටිපාටි පැහැදිලි කරමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.එහි සඳහන් වන්නේ ඒ සඳහා ඔවුන් තාවකාලික බලපත්රයක් නිසි මාර්ග හරහා ලබාගත යුතු බවයි.මෝටර් රථ ප්රවාහන කොමසාරිස් (පාලන) ඩී.පී.සී. උදය කුමාර මහතා පවසන්නේ, විදේශිකයන්ට ත්රිරෝද රථ පැදවීමට අවසර දෙන තාවකාලික රියදුරු බලපත්රයක් සඳහා සුදුසුකම් ලැබීමට පෙර ශ්රී ලංකාවේ ලිඛිත පරීක්ෂණයක් සහ ප්රායෝගික පුහුණුවක් ලබාගත යුතු බවයි.එමෙන්ම රට තුළ විදේශිකයන්ට ත්රිරෝද රථ පැදවීම සඳහා රියදුරු බලපත්ර නිකුත් කිරීමට හෝ පහසුකම් සැලසීමට දෙපාර්තමේන්තුව විසින් වෙනත් කිසිදු සංවිධානයකට අවසර දී නොමැති බව ඔහු පෙන්වා දෙයි.