විවිධ හේතූන් මත පසුගිය කාලය තුළ රට හැර ගිය වෛද්‍යවරුන් නැවත මවුබිමට සේවය කිරීමට සූදානම්ව සිටියද ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි නියාමනයක් සිදු නොවීම නිසා බරපතල තත්ත්වයක් හට ගෙන ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. විවිධ හේතූන් මත රට හැර ගිය හෝ සේවය හැර ගිය වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒ සඳහා ධනාත්මක ප්‍රතිචාර නොදක්වන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.පසුගිය කාල සීමාවේදී රට හැර ගිය වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීම සඳහා ඉල්ලුම් කිරීමේදී එම වෛද්‍යවරුන් සේවය හැර ගියා සේ සලකා ඇති බැවින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ඔවුන් බඳවා ගත නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දී ඇති බව ද වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.