හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය ඉන්දියා සංචාරය නිමවා පෙරේදා (11) යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ බලය ඇල්ලීමේ සටන සිය`තට ගෙන ඇති බව වාර්තා වේ.හිටපු ජනාධිපති වරයා මේ වන විටත් සමගි ජන බලවේගයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම සමග සාකච්ඡා පවත්වා ඇති අතර ස්වාධීන කණ්ඩායම් සහ සුළු පක්ෂ සමග ද සාකච්ඡා පවත්වමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.හුදු දේශපාලනමය බල කාමය මත පදනම් නොවන විපක්ෂයේ සියලු දෙනාටම එකඟ විය හැකි මෙන්ම කොළඹ ජනතාවට වැඩක් කළ හැකි ශක්‍යතාවයෙන් යුතු නායකයකු කොළඹ නගරාධිපති තනතුරට පත්කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙසේ සාකච්ඡා පැවැත්වෙන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.