ඊයේ(22) රාතියේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක නොපැවතීම හේතුවෙන් අද බන්ධනාගාර වෛද්‍ය වෛද්‍යවරුන් ගේ නිර්දේශය මත බන්ධනාගාර රෝහලෙන් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට මාරුකර යවා ඇත.රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම මැගසින් බන්ධනාගාරයට ගෙන යන ලද අතර ඔහු වරින් වර පරීක්ෂා කළ වෛද්‍යවරුන් ඔහුගේ රුධිර පීඩනය සහ සීනි මට්ටම ඉහළ ගොස් ඇති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවල වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙස නිර්දේශ කරන ලදී.එමෙන්ම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් නිවසින් ආහාර ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දී තිබිණ.පසුගිය කාලය තුළ වික්‍රමසිංහ මහතා රෝගාබාධ කිහිපයකට ප්‍රතිකාර ගනිමින් සිටි බවට අධිකරණය වෙත කරුණු ඉදිරිපත් වීමෙන් පසු ඔහු ගේ සෞඛ්‍යය තත්වය හා ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසට ඊයේ අධිකරණ නියෝගයක් ද ලැබී තිබිණ.