හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති මාලාව වඩාත් වඩාත් බැරෑරුම් ලෙස ක්‍රියාවට නංවමින් සිටින ආණ්ඩුව ඔහු ගේ රූපකාය බන්ධනාගාර ගත කර ඇති බවත් බන්ධනාගාර ගත කළ යුත්තේ ඔහු විසින් අනුගමනය කළ ප්‍රතිපත්ති මාලාව මිස ඔහු ගේ රූපකාය නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි. බත්තරමුල්ලේ පිහිටි සිය පක්ෂ මූලස්ථානයේදී ඉකුත් 24 දා මාධ්‍ය හමුවක් පවත්වමින් වීරවංශ මහතා පෙන්වා දුන්නේ වත්මන් ආණ්ඩුව සිය බංකොලොත්භාවය වසන් කර ගැනීම සඳහා සිදුකරන මෙවැනි අත්අඩංගුවට ගැනීම් තුළින් රටේ මූල්‍ය අපරාධ නැවැත්විය නොහැකි බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව ආර්ථිකය හැසිරවීම, විදුලිබල මණ්ඩලය කොටස් හයකට කඩා විකිණීම සහ දේශීය වෙළෙඳපොළෙන් ට්‍රිලියන ගණනින් ණය ලබා ගනිමින් රටේ ණය බර තවදුරටත් ඉහළ දැමීම වැනි ක්‍රියාමාර්ග තුළින් වත්මන් ආණ්ඩුව ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්රතිපත්තියම අනුගමනය කරන බව ඔහු කියා සිටියේය.එමෙන්ම ආණ්ඩුවට දූෂණය තුරන් කිරීමේ අවංක අභිලාෂයක් පවතින්නේ නම්, 1971 කැරැල්ලෙන් අනතුරුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් ස්ථාපිත කළ අපරාධ යුක්ති විනිශ්චය සභාවට සමාන පූර්ණ බලැති මූල්‍ය අපරාධ කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු බව ද විමල් වීරවංශ මහතා යෝජනා කළේය. විශ්‍රාමික විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් හෝ පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු එම කොමිසම වෙත පක්ෂ භේදයකින් තොරව මහජනතාවට පැමිණිලි කිරීමට අවස්ථාව සැලසිය යුතු බව ද වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.