2023 දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍ය සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකළ විමර්ශනයට අදාළව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළ මත දෙකක් මතු වී තිබෙන බව ‘සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කොට තිබේ.එම වාර්තාවට අනුව, රනිල් වික්‍රමසිංහ මහතා තම බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට ගෞරව මහාචාර්ය උපාධියක් පිරිනමන ලද වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා රුපියල් මිලියන 16.6 කට වඩා රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාව පිළිබඳ විමර්ශනය අවසන් කිරීම ප්‍රමාද වීමට මෙම මතභේදය හේතු වී තිබේ.සන්ඩේ ටයිම්ස් පුවත්පත පසුගිය සතියේ හෙළි කළේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය, CID වෙත යැවූ විද්‍යුත් තැපැල් ප්‍රතිචාරයේ දී, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කළ බව ය.නීතිපති දෙපාර්තමේන්තුව තුළ එක් කණ්ඩායමක් විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය පිළිගත නොහැකි බවට CID දරන මතයට සහාය දක්වන අතර තවත් කණ්ඩායමක් එය පිළිගත හැකි බවට මතයක සිටිති.CIDය විසින් විශ්වවිද්‍යාලයේ ප්‍රතිචාරය නඩුවේ පැමිණිල්ල මෙහෙයවන අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා වෙත ඉදිරිපත් කර ඇත.නීතිපති දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාලය විසින් ලබාදුන් ප්‍රතිචාරය තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් පසු ඊළඟ පියවර පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව දැනගන්නට ලැබේ.මේ අතර, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත් අකුරු සාම්පල පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා තවමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නොමැත.මෙම වාර්තා ලබාගැනීම කඩිනම් කරන ලෙස සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා CID යට උපදෙස් දී ඇති බව වාර්තා වේ.නඩුව අප්‍රේල් 28 වැනි දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නැවත කැඳවීමට නියමිතය.