රාජ්‍ය නායක ආරක්ෂාවට යොදන නිලදරුවන් ගේ අනන්‍යතාව ද තහවුරු කළ යුතුයි

ජනාධිපති, අගමැති, ඇමැතිවරුන් ඇතුළු රාජ්‍ය නායකයන් ගේ ආරක්ෂාව සඳහා යොදවන සියලුම නිලධාරීන්ගේ අනන්‍යතාව කල්තියා තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ආරක්ෂක කටයුතු වලදී නිල ඇඳුමින් සැරසුණු පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අවධාරණය කරයි. ඒ අනුව, ආරක්ෂක රාජකාරි, රථ වාහන පාලන, සෞඛ්‍ය ඇතුළු ඕනෑම සේවයක නිරත වන නිලධාරීන්ගේ අනන්‍යතාව නිවැරදිව පරීක්ෂා කළ යුතුය.විශේෂ උත්සව අවස්ථාවලදී ආරක්ෂක කලාප හඳුනාගැනීම සඳහා භාවිත කරන වර්ණවත් අත් පළඳනා, පටි, බැජ් හෝ වෙනත් සංකේත නිකුත් කිරීමේදී වඩාත් විමසිලිමත්ව කටයුතු කරන ලෙස ද උපදෙස් දෙන පොලිස්පතිවරයා ත්‍රිවිධ හමුදාවේ හෝ පොලිසියේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරසී යම් පාර්ශවයක් අපරාධ සිදුකිරීමට ඇති හැකියාව පෙන්වා දී තිබේ.

කාලීන පුවත්