අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්රේන ජනපති වොලැදිමියර් සෙලෙන්ස්කි සාම සැලැස්මක් සඳහා හමුවීමට පැය කිහිපයක් තිබිය දී ඩ්‍රෝන යානා 500 කට වැඩි ප්‍රමාණයක් සහ මිසයිල යාන 40 කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් රුසියාවෙන් ය්‍රක්‍රේනයට ප්‍රහාර මාලාවක් එල්ල වී තිබේ. යුක්රේනයේ කියෙව් අගනුවර සහ බලශක්ති පද්ධති ඉලක්ක කර ගනිමින් එල්ල කොට ඇති එම ප්‍රහාර හමුවේ පවුල් ලක්ෂ 5 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි. අමෙරිකානු ජනපති වරයා සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට සුදානම් පසුබිමකදි එල්ල වු ප්‍රහාරයත් සමඟ යුක්රේන ජනපතිවරයා පැවසුවේ රුසියානු ජනපතිට සාමය අවශ්‍ය නොවන බව ඉන් මනාව තහවුරු වන බවකි.