ලෝක ජල භීතිකා දිනය අදයි

ලෝක ජල භීතිකා දිනය අදට (28) යෙදී තිබේ.මෙය 19 වන ලෝක ජලභීතිකා දිනය වන අතර මෙම වසරේ ලෝක ජලභීතිකා දින තේමාව වන්නේ: “දැන් ක්‍රියා කරන්න: ඔබ, මම, ප්‍රජාව”( Act Now:You,me,Community) යන්නයි.එමඟින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටිනුයේ වගකීම භාර ගැනීම, එකට වැඩ කිරීම මඟින් සැබෑ වෙනසක් ඇති කිරීමයි. එහි වසර 19 ක ඉතිහාසයේ පළමු වතාවට, ලෝක ජලභීතිකා දින තේමාවට “ජල භීතිකා” යන වචනය ඇතුළත් නොවන අතර,එමඟින් මෙම ව්‍යාපාරය කෙතරම් සංවිධිත ලෙස ස්ථාපිත වී ඇත්ද යන්න පෙන්වයි.

නමුත් ජල භීතිකාව තුරන් කරවීම සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශනයන් පවා නිසි ලෙස අනුගමනය නොකරන අප රටේ එදා මෙදා තුර ස්ථාපිත ආණ්ඩු විසින් ජලභීතිකාව මර්දනය සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගනු වෙනුවට එය සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනකු ගේ බඩ වඩා ගැනීමක් බවට පත් කර ගැනීමට ඉඩ දී ඇති බවට රජයේ සේම පෞද්ගලික පශු වෛද්‍යවරු ද චෝදනා කරති.

ඒ අනුව ඔවුන් ඉල්ලා සිටිනුයේ මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ජල භීතිකා මර්දන වැඩ සටහන අදාල විෂය පථය හා සෘජුවම සම්බන්ධ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු භාරයට පමුණුවන ලෙස ය.එමෙන්ම අදින් ඇරඹෙන සතිය තුළ රට පුරා සත්ව සායන හා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මඟින් සුනඛයන් සඳහා නොමිලයේ ජල භීතිකා එන්නත් වැඩ සටහන් වැඩිම ගණනක් ක්‍රියාත්මක වීම ද විශේෂත්වයකි,ඒ අතර මානුෂීය ක්‍රම මඟින් සුනඛ ගහණය කළමණාකරණය කිරීමේ නවීන සංකල්පය මුල් කොට ගත් විශේෂ ජලභීතිකා දින සැමරුමක් අද පෙ.ව 9.00ට අනුරාධපුර පැරණි බස් නැවතුම් පළ අසල නැනුප ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී ආරම්භ වේ.

කාලීන පුවත්