වාලච්චේන පුරාවිද්‍යා පුවරු ගලවා ඉවත් කළ වුන් අධිකරණයට ඉදිරිපත් කරනවා

වාලච්චේන ප්‍රදේශයේ පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමට කටයුතු කළ පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරයි.වාලච්චේන පොලිස් වසමේ සවි කර තිබූ පුරාවිද්‍යා පුවරු හයක් මෙලෙස ගලවා ඉවත් කර ඇති බවත් පැවසූ ඔහු ඒ සඳහා එම ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප ලේකම්වරයාද පැමිණ සිටි බව තහවුරුව ඇතැයි පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.ඒ අනුව මෙම සැකකරුවන් සහ ගලවා දැමූ නාම පුවරු ද සමඟ ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද මහජන ආරක්ෂක අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේය.එමෙන්ම මෙම පුරාවිද්‍යා නාම පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධියට මේ වන විටත් සමාජ ජාල මඟින් පුළුල් ප්‍රචාරයක් ලැබී තිබේ.

කාලීන පුවත්