වැලිගම ඝාතනයේ වෙඩික්කරු බව පැවසෙන පුද්ගලයාගේ වීඩියෝව ගැන පොලිස්පති අවධානයෙන්

වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයාගේ ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එය වීඩියෝ ගත කොට මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා කීය.කොළඹදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙම තොරතුරු හෙළි කළේය.“වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී බාහිර පාර්ශවයක් හෝ අපේ පොලිස් නිලධාරියකු මගින් ඡායාරූප ගත කළා නම් හෝ වීඩියෝ ගත කළා නම් ඒ පිළිබඳව අපි විමර්ශන කරනවා. මෙලෙස අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි ඉදිරිපත් වීම එම නඩුවට අගතියක්. ඒ වගේම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශවයට මේක අගතියක් විදියට අපි සලකනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් සංවේදී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා”

කාලීන පුවත්