ඉදිරි කාලය තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට යම් ඉඩකඩක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද ( 17) පාර්ලිමේන්තුවේදී පැවසීය.රට තුළ ඉන්ධන අර්බුදයක් පැවතියද මෙතෙක් විදුලිය කප්පාදුවක් සිදු නොකළ බව පෙන්වා දුන් අමාත්‍යවරයා පවතින තත්ත්වය මත ඉදිරියේ දී කප්පාදුවක් සිදුකිරීමට ඉඩකඩක් ඇති බව අනාවරණය කළේ ය.අද (17) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27.2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විදුලි කප්පාදුවක් සිදුකරන්නේදැයි සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, “තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්” යනුවෙනි.