ශ්‍රී ලංකාව තුළ ත්‍රිරෝද රථ පැදවීමට අපේක්ෂා කරන විදේශිකයන් සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා දමා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ.විදේශිකයන් සඳහා ත්‍රිරෝද රථ පැදවීම සඳහා විශේෂ තාවකාලික බලපත්‍රයක් හඳුන්වාදීමට දැනට කිසිදු සැලසුමක් නොමැති බව නිලධාරීහු සඳහන් කරති.කෙසේ වෙතත්, වලංගු අන්තර්ජාතික රියදුරු බලපත්‍රයක් (IDD) ඇති විදේශීය ජාතිකයින්ට රට තුළ රිය පැදවීමට නීත්‍යානුකූලව අවසර දී ඇති බව පොලිසිය පවසයි.තම මව් රටවලින් දේශීය රියදුරු බලපත්‍ර ලබා ඇති අයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් අවශ්‍ය සහතිකය හෝ අනුමැතිය ලබා ගන්නේ නම්, ඔවුන්ට ද රිය පැදවිය හැකිය.ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ විදේශිකයන් අඩුම මිලක් යටතේ රියැදුරකු නොමැතිව ත්‍රිරෝද රථ කුලියට ගෙන ඒවා පාවිච්චි කිරීමේ විශේෂ නැඹුරුවක් පවතින බව සංචාරක කර්මාන්තය හා සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කොට තිබිණ