වින්ච් යොදා මා දැල් ඇද්ද ධීවරයෙක් අත්අඩංගුවේ

ට්‍රැක්ටර් රථ දෙකකට සවි කළ වින්ච් යන්ත්‍ර භාවිත කරමින් මග්ගොන කුඩාව ධීවර වරාය ආසන්නයේ මාදැල් කර්මාන්තයේ නිරත වූ ධීවරයෙකු, එම යන්ත්‍ර සවිකළ ට්‍රැක්ටර් රථ දෙකක් ද සමඟින් කළුතර ධීවර පරීක්‍ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකරු මග්ගොන ප්‍රදේශයේම පදිංචි ධීවරයෙකු වන අතර, ඔහු වැඩිදුර විමර්ශන සඳහා පයාගල පොලීසියට භාර දී තිබේ.සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.ට්‍රැක්ටර් රථවලට සවිකළ වින්ච් යන්ත්‍ර මගින් මාදැල් ඇදීම දැනට තහනම් කර ඇති අතර, එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා ධීවරයින් පිරිසක් පසුගිය පෙබරවාරි 5 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ද ආරම්භ කර තිබිණ.විරෝධතාවයේ නිරත ධීවරයන් සමඟ පෙබරවාරි 13 වනදා සාකච්ඡාවකට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, එම ගැටලුවට වඩාත් සුදුසු විසඳුම් යෝජනා කර ගැනීමට එකඟතාවයකට පැමිණ තිබේ.ඒ අනුව සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සොයන තෙක් විරෝධතාවය අත්හැරීමට ධීවරයින් තීරණය කළ ද, අදාළ නීතිමය තහනම තවමත් බලාත්මකව පවතින පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

කාලීන පුවත්