සහල් මෙට්‍රික් ටොන් 40,000ක් රටින් ගෙනෙයි

මේ වන විට මෙරට වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් ප්‍රමාණවත් ලෙස නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරිය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.ඉන් මෙට්‍රික් ටොන් 5,000 ක් රජයේ ආයතන මඟින්ද, සෙසු සහල් ප්‍රමාණය පෞද්ගලික අංශය මඟින් ද ආනයනය කිරීමට තීරණය වී තිබේ.රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම සඳහා එම කමිටුව ඉකුත් 25 වන දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.

කාලීන පුවත්